රම්බොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...

රම්බොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...

by Staff writer 11-05-2025 | 8:01 AM

COLOMBO (News 1st) - නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කිහිපදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් බස් රථයේ ගමන් කළ සියලු පුද්ගලයින් තුවාල ලබා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.