.webp)
ඒ , මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන්.
මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය , ජනාධිපති කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කළේ ය.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.
රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මීට සමගාමීව ජාතික වෙසක් සතිය ද, අද ආරම්භ විය.
ඒ , කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමාවෙන්.
මේ අතර රාජ්‍ය වෙසක් කලාපය අද සිට ලබන 16 වැනිදා දක්වා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
එදින සිට සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රි 10 දක්වා රාජ්‍ය වෙසක් කලාපය සැඳැහැවතුන් වෙනුවෙන් විවෘතයි.
වෙසක් සතියේ දින තුනක්, දිවයිනේ සුරා සැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනු ඇති.
මේ අතර නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්ම බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.