ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි..

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි..

by Staff writer 09-05-2025 | 7:50 AM

COLOMBO (News1st)-ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වෙයි.

සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනු ඇති.

මේ අතර, නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා  අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.