පාඨලීගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි...

2016 රිය අනතුර සම්බන්ධයෙන් නඩු පැවරීමට එරෙහිව පාඨලී ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 08-05-2025 | 2:44 PM

COLOMBO (News1st) -තමන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතිවිරෝධී බැවින්, ඊට අදාළ නඩු ප්‍රතික්ෂේප කිරීමේ නියෝග කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කළ අභියාචනා පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) ප්‍රතික්ෂේප කළේ ය.

නීතිපතිවරයා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත්තේ, 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරියේදී අපරීක්ෂාකාරීව රිය ධාවනය කර, තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙනි.

එලෙස නඩු පැවරීමට එරෙහිව පාඨලී චම්පික රණවක මහතා ගොනුකළ පෙත්සම් විභාගය, මැයි 15 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව ප්‍රකාශ කිරීම, දින නියමයක් නොමැතිව කල් තැබු අතර අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය, කොළඹ මහාධිකරණයට නියම කළේ, විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසය.