දිවයිනේ ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

by Staff writer 08-05-2025 | 8:23 AM

COLOMBO (News1st) -බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත් වලට පස්වරු 1.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත් වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි ඇති විය හැකියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.