.webp)
COLOMBO (News 1st)-
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසළදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද අවසර ලබා දුන්නා ය.
කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවයි.
ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලීසිය කියා සිටියේ, සැකකාර පුද්ගලයා ඉකුත් 2 වැනිදා කුරුඳුවත්ත මල් පාර අසළ පාසලක් අභියස නවතා තිබූ මෝටර් රථයක සිටි පාසල් දැරියක් පැහැර ගැනීමට තැත් කර අගමැති කාර්යාලය පෙදෙසට දිව ගොස් ඇති බවයි.
සැකකරු කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙම ක්‍රියාව සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වුයේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ය.