ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අද කොප් කමිටුව හමුවට

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අද කොප් කමිටුව හමුවට

by Staff writer 08-05-2025 | 8:12 AM

COLOMBO (News1st) -ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්, අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, විගණන වාර්තාවලින් අනාවරණය වූ කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.

ඒ අනුව අද පස්වරු 1.30 ට, කෝප් කමිටුව රැස් විමට නියමිතයි.