කැලණිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය...

කැලණිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය...

by Staff writer 07-05-2025 | 6:33 AM

COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ,කැලණිය ප්‍රදේශීය සභාව ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ ඡන්ද 24,022ක් ලබා ගනිමින්.

ජාතික ජන බලවේගයට ඒ අනුව සභික ධුර 24ක් හිමිවේ.

ඡන්ද 8,143ක් ලබා ගත් සමගි ජන බලවේගය කැලණිය ප්‍රදේශීය සභාව සඳහා සභික ධුර 7ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ 17.8%ක ප්‍රතිශතයක් ලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5,204ක් බලා ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව ඔවුන්ට හිමිවන සභික ධුර ගණන 5ක්.

ඡන්ද 5,110ක් ලබාගත් සර්වජන බලය සභික ධුර 4ක් දිනා ගැනීමට සමත්ව තිබේ.