.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පකිස්ථානයේ ත්‍රස්ත කඳවුරුවලට එම ප්‍රහාර එල්ල කළ බව, ඉන්දීය රජය පැවසූ බවයි.
පකිස්ථානයේ කිසිඳු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත්, ඉතාම සුක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඉන්දීය බලධාරීන් පවසයි.
මෙම මෙහෙයුම නම් කර ඇත්තේ, ඔපරේෂන් සින්දූර් ලෙසයි.
සින්දුර් මෙහෙයුම පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දීය කාශ්මීරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඍජු ප්‍රතිචාර දැක්වීමක් බවද , ඉන්දියාව සඳහන් කර තිබේ.
මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මෙම ප්‍රහාරයට විරෝධය පළකර ඇත.
පකිස්ථාන හමුදාව පැවසුවේ, ඉන්දීය ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට, පකිස්ථානයට සෑම අයිතිවාසිකමක්ම පවතින බව එරට අගමැතිවරයා සඳහන් කළේ ය.
පකිස්ථාන අගමැතිවරයා සඳහන් කරන්නේ, ඉන්දීය ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවයි, සමස්ත පකිස්ථානයම සිය හමුදාව සමග සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.
ඒ අනුව පකිස්තානය, ඉන්දියාව විසින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයට, කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.