සරසවිසිසුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සිසුන් හතරදෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට..

by Staff writer 06-05-2025 | 8:24 AM

COLOMBO (News1st)-සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් හතරදෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සිසුන් හතරදෙනෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔවුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ සිසුන් ය.

මේ අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන්, පාර්ශව කිහිපයකින් විමර්ශන ක්‍රියාත්මකයි.