.webp)
තංගල්ල නගර සභාවේ ප්‍රතිපලය අනුව ජාතික ජන බලවේගය එය ජයග්‍රහණය කළේ ය.
ඡන්ද 2260 ක් ලබා ගත් ජාතික ජන බලවේගය තංගල්ල නගර සභාවෙන් හිමිකරගත් සභික ධුර සංඛ්‍යාව 9ක්.
සමගි ජන බලවේගය එම නගර සභාවේ සභික ධුර 5 ක් දිනා ගත්තේ ඡන්ද 1397 ක් දිනා ගනිමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 795 ක් ලබා ගනිමින් සභික ධුර 3 ක් හිමි කර ගත්තේ ය.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 265 ක් ලබා ගත් අතර දිනා ගත් අතර සභික ධුර සංඛ්‍යාව 1 ක්.
සර්ව ජන බලය ද තංගල්ල නගර සභාවේ ඡන්ද 177 ක් දිනා ගනිමින් එක් සභික ධුරයක් හිමි කර ගත්තේ ය.
ඡන්ද 4750 ක් ලබා ගනිමින් හම්බන්තොට මහ නගර සභාව ජයගත් ජාතික ජන බලවේගය සභික ධුර 8ක් හිමි කර ගත්තා.
සමගි ජන බලවේගය ඡන්ද 3874 ක් ලබා ගනිමින් හම්බන්තොට මහ නගර සභාවෙන් හිමි කර ගත් සභික ධුර සංඛ්‍යාව 7ක්.
පොදු ජන එක්සත් පෙරමුණ සභික ධුර 3ක් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සභික ධුර 2 ක් සහ සර්ව ජන බලය එක් සභික ධුරයක් හම්බන්තොට මහ නගර සභාවෙන් හිමි කර ගත්තේ ය.
ඡන්ද 1038 ක් හිමි කර ගනිමින් හපුතලේ නගර සභාව ජයගත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින්.
ඔවුන්ට සභික ධුර 5ක් හිමි විය.
ජාතික ජන බලවේගය හපුතලේ නගර සභාවෙන් සභික ධුර 4ක් හිමි කර ගත් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 844 ක්.
සමගි ජන බලවේගය ඡන්ද 374 ක් ලබා ගෙන සභික ධුර 2 ක් දිනා ගත්තේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාව දිනා ගත්තේ ජාතික ජන බලවේගයයි.
ඡන්ද 5736 ක් ලබා ගත් ඔවුන් සභික ධුර 11 ක් දිනාගත්තා.
සමගි ජන බලවේගය ඡන්ද 2934 ක් ලබාගත් අතර ඔවුන් හිමි කර ගත් සභික ධුර සංඛ්‍යාව 5 ක්.
ඡන්ද 1928 ක් හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 3 ක් දිනා ගත්තා
එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය සහ ස්වාධින කණ්ඩායමක් අතර සභික ධුර එක බැගින් බෙදී ගියා.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ජය තහවුරු කර ගත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි විසින්.
1346 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ඔවුන්ට හිමි වූ සභික ධුර සංඛ්‍යාව 4 ක්.
සමගි ජන බලවේගය ඡන්ද ලබා 990 ක් ලබා ගත් අතර ඔවුන්ට සභික ධුර 3 ක් හිමි වුණා.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හිමි කර ගත් සභික ධුර සංඛ්‍යාව 02 ක්.
ඒ,, ඡන්ද 808 ක් හිමි කර ගනිමින්.
ජාතික ජන බලවේගය ඡන්ද 607 ක් ලබා ගනිමින් සභික ධුර 02 ක් දිනා ගත්තා.
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ සභික ධුර සංඛාව 02 ක්.