ගල්කිස්සේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට...

ගල්කිස්සේ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් මරුට...

by Staff writer 05-05-2025 | 8:27 AM

COLOMBO (News1st) - ගල්කිස්ස වෙරළ පාරේ අද(05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ.

ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ, දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.