ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

by Staff writer 04-05-2025 | 4:14 PM

COLOMBO (News1st)  - ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වන බෙන්ගුරියන් ගුවන්තොටුපොළට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කළේ යේමනයේ හුති කැරලිකරුවන් විසින් මෙම බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු තවකාලිකව අත්හිටුවා තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ එම ප්‍රහාරය ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් විනාශ කිරිමට කිහිප විටක් උත්සාහ දරා ඇති අතර එම උත්සාහයන් සියල්ල අසාර්ථක වී තිබේ.