අපේක්ෂකයෙකු ඉලක්ක කර කළුතරදී පත්තුවුණු වෙඩිල්ල

අපේක්ෂකයෙකු ඉලක්ක කර කළුතරදී පත්තුවුණු වෙඩිල්ල

by Staff writer 04-05-2025 | 10:51 PM

COLOMBO (News1st) - කළුතර, නාගොඩ, බෝම්බුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අදාල පුද්ගලයා නිවසක් ඉදිරිපිට රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කර  තිබේ.

පොලීසිය පැවසුවේ නාගොඩ ගම්සභා නිවාස පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු එලෙස තුවාල ලබා ඇති බවයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග වදින සමගි ජන බලවේගයේ අපෙක්ෂකයෙකු එලෙස තුවාල ලබා තිබේ.