.webp)
ජනාධිපතිවරයා ලබන 06 වැනිදා දක්වා එරට රැඳී සිටිමට නියමිතයි.
එරට ජනාධිපති ලුන්ග් චුන්ග් මහතාගේ ආරාධනයකට අනූව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම සංචාරය සිදු වේ.
වියට්නාමයේ හෝචිමින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන්නේද ජනාධිපතිවරයායි.
එහි මුඛ්‍ය දේශනය ද ජනාධිපතිවරයා විසින් පවත්වන බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපති, අගමැති ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතයි.
ඊට අමතරව වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සමග ද, ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්විමට නියමිතයි.
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් එම සංචාරයට එක්වීමට නියමිතයි.