යුද හමුදාව භාර දුන් ස්වර්ණාභරණ නිසි හිමිකාරිත්වයට

යුද හමුදාව පොලිසියට භාර දුන් ස්වර්ණාභරණ නිසි හිමිකාරිත්වයට... වැඩබලන පොලිස්පති කියයි

by Staff writer 03-05-2025 | 7:31 AM

COLOMBO (News 1st)-

යුද හමුදාව විසින් ඊයේ භාරදුන් ස්වර්ණාභරණ නිසි හිමිකාරිත්වය තහවුරු කර ඉදිරිපත් වන පිරිසට භාරදෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, යුද හමුදාව විසින් ඒ සම්බන්ධයෙන් නම් ලැයිස්තුවක්ද ලබාදී ඇති බවයි.

නිසි හිමිකාරිත්වය තහවුරු නොකරන ස්වර්ණාභරණ රාජසන්තක කරන බවද ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ , අධිකරණ නියෝග යටතේ ප්‍රථමයෙන්ම එම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම සහ ප්‍රමිතිය තක්සේරු කරන බවයි.

LTTE සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ ස්වර්ණාභරන තොගයක් ඊයේ වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාරදනු ලැබුවේ ය.

එම කටයුතු සිදුකෙරුණේ බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී ය.