කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පරික්ෂාවක්

කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 06ක් සොයා කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පරික්ෂාවක්

by Staff writer 03-05-2025 | 3:28 PM

COLOMBO (News1st) - කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 06 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් එම පරික්ෂාව කරන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පොලීසිය , ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම මෙහෙයුම ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.