සිරසානමාමි සිරස වෙසක් කලාපයේ කප් සිටුවීමේ මංගල්‍යය

සිරසා නමාමි සිරස වෙසක් කලාපයේ කප් සිටුවීමේ මංගල්‍යය

by Staff writer 02-05-2025 | 4:40 PM

COLOMBO (News 1st)-

තවත් දින 10කින් පැවැත්වෙන -සිරසා නමාමි- සිරස වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීමේ චාරිත්‍රය අද අලුයම සිදු කෙරිණ.

සිරසා නමාමි සිරස වෙසක් කලාපය මැයි 12, 13, 14, 15 දිනවල කොළඹ බ්‍රේබෲක් පෙදෙසේ දී පැවැත්වෙයි.

සිරස ප්‍රධාන කාර්යාල ඉදිරිපිට එම වෙසක් කලාප පරිශ්‍රයේදී  කප් සිටුවීම සිදු කෙරුණේ ආගමික වතාවත් ඉටු කරමින් ය.

MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි , සිරස TV අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක, සිරස TV මාධ්‍ය ජාලයේ අලෙවි අධ්‍යක්ෂ චාමික රොෂාන්, සිරස FM සංගීත අංශයේ අධ්‍යක්ෂ නිහාල් වික්‍රම එදිරිසූරිය යන මහත්වරුන් සමග,සිරස TV මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.  

සර්වඥ ධාතු ප්‍රදර්ශනය, සිරස වෙසක් පෙරහැර, වෙසක් තොරණ, දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු වැඩසටහන් රැසක් සිරස වෙසක් කලාපයට ඇතුළත් ය.

වෙනත් ලිපි