ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500ක් සමග 3ක් කොටුවෙයි..

ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500ක් මෙරටට රැගෙන ඒමට තැත් කළ 3ක් කටුනායකදී රේගු දැලේ...

by Chathurika Jayasundara 02-05-2025 | 9:00 AM

COLOMBO ( News 1st ) -  ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500කට වැඩි ප්‍රමාණයක් නීතී විරෝධීව මෙරරට රැගෙන ආ සැකකරුවන් 3දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ, තායින්ලන්තයේ සිට එම ජීවින් මෙරටට රැගෙනවිත් ඇති බවයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හා 31 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් හා 22 හැවිරිදි සැකකාරියක්.

ඔවුන් එම ජලජ ජීවින් මෙරටට ගෙන ඒමට තැත් කර ඇත්තේ ගමන් මලුවල සඟවා ගෙනයි.

මෙවැනි ජීවීන් මෙරට ජල පද්ධතිවලට මුද්‍ර හැරීමෙන් ජෛව විවිධත්වයට හානි වීමේ බරපතල තර්ජනයක් මතුවන බව රේගුව පෙන්වා දෙන්නේය.

රේගුව පැවසුවේ සැකකරුවන් හා ආක්‍රමණශීලී ජලජ ජීවීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි.

මෙම ආක්‍රමණශීලී ජීවින් මෙරටට ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද රේගුව සඳහන් කළේ ය.