.webp)
COLOMBO (News 1st)-
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනූව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.පොලීසිය සඳහන් කළේ, අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි.
ඒ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය, දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම්දීමක් ද, කර තිබේ.
පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ, ප්‍රබල අපරාධ කල්ලියක්, එලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන එල්ල කර ඇති බවටයි.