.webp)

COLOMBO (News 1st) - ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අද(01) ආරම්භ වේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
රටේ සෑම ක්ෂේත්‍රයක්ම අවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙනු ඇති.
එහිදී ක්ලීන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ද එළිදැක්වීමට නියමිතය.
විනයවත් රටක් ගොඩනැගීම සඳහා සෑම අංශයක්ම ආවරණය වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය දා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් ද පත් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල පුළුල් සැලසුම් සකස් කර ඇති බවයි.
ඒ සඳහා ජනතා සහභාගිත්වය අතිශය වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
