පෙත්සම අද (11) කැඳවූයේ එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයී.
නිසිආකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල පවසා සිටිහය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගක් කරන ලෙස ඉල්ලා විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
නීතිපතිවරයා ඇතුළු වගඋත්තරුකරුවන් වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේ ය.