ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක කළ මෙහෙයුමකදි යි.
හෙරෝයින් කිලෝග්‍රැම් 05 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් එකහමාරක්, එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන කාංචනා නැමැත්තියට අයත් බව හෙළි වී ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
එම නිවසේ තිබී මත්පෙති 800 ක් ද සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ අතර බොරැල්ල වනාතමුල්ලේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 02කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
20 හැවිරිදි සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.