හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ කොල්ලුපිටිය මංසන්දියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.
ලොහාන් රත්වත්තේ මහතා පැදවූ ඩිෆෙන්ඩර් රථය, මෝටර් රථයක ගැටී අනතුර සිදුවිය.
අධිකරණයේදී කොල්ලුපිටිය පොලිසියේ විමර්ශන නිලධාරීන් පැවසුවේ, සැකකරු බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ ඇතුළු චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගත් බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු අනතුරුදායක ඖෂධයක් භාවිත කර සිට ඇති බවට විමර්ශන තුළින් අනාවරණය වී ඇති බව ඔවුන් පැවසූහ.
විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ සාපරාධී බිය වැද්දවීම, බැන මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ සැකකාර ලොහාන් රත්වත්තේට එරෙහිව තවත් නඩුවක් ගොනු කර ඇති බවයි.
එමෙන්ම සැකකාරු දැනටත් අධිකරණය භාරයේ සිටින පුද්ගලයෙකු බවද මෙහිදී ප්‍රකාශ විය.
ඒ අනුව සැකකරු දෙසැම්බර් 9 වැනිදා කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.