ඒ , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) හමුවූ අවස්ථාවේදීයි.
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධි වැඩපිළිවෙළට, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි සහයෝගය ලබා දෙන බව ද, ඔහු එහිදි පවසා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ආර්ථිකය ගොඩ නැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහය ලබා දීමට ද අමෙරිකානු රජය සූදානම් බව, ඔහු දැනුම් දුන් බවයි.
දේශපාලන , ආර්ථික හා සාමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනා ගනිමින්, නව රජය ගෙන යන වැඩපිළිවෙළ එහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ද ලක්ව තිබේ.
සාකච්ඡාවේදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දූෂණ හා නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවයි.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය හා නාස්තිය අවම කිරීමට කටයුතු කරමින් සිටින බව ද, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට වැඩසටහන් ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නවීන තාක්ෂණය , රාජ්‍ය සේවයට හඳුන්වා දෙමින් ගුණාත්මක රාජ්‍ය සේවාවක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි.