විදුලි ගාස්තු ගැන PUCSL අධ්‍යනයක...

පවතින විදුලිය ගාස්තු වෙනස් නොකිරීමේ ලංවිම යෝජනාව ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් අධ්‍යනයක්

by Staff writer 07-12-2024 | 12:19 PM

COLOMBO (News 1st) - විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) පවසයි.

එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඉන් අනතුරුව එය මහජන අදහස් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

අනතුරුව කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේ ය.

මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, මෙම කටයුතු  ජනවාරි මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

පවතින විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස 06දී ද එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් ඊයේ දැනුම් දුන්නේ ය.