ඔරු පදින්න ගිය තරුණයෙක් දියේ ගිලී මරුට

ඔරු පදින්න ගිය තරුණයෙක් දියේ ගිලී මරුට

by Staff writer 07-12-2024 | 10:42 PM

COLOMBO (News 1st) - කතරගම අක්කර විස්ස වැවෙහි ඔරු පදිමින් සිටි අවුරුදු 19 ක තරුණයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

තවත් මිතුරන් හතර දෙනෙකු සමග අදාළ තරුණයා අද (07) පස්වරුවේ මෙලෙස ඔරු පැදීමට ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරලී ඇත.

අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන් එක්ව සෙසු පිරිස බේරාගෙන ඇති බවයි.

මිය ගිය තරුණයාගේ දේහය මේ වන විට කතරගම රෝහලේ තැම්පත් කර තිබේ.