ශම්මි සිල්වා ACC සභාපති ධුරයට

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ වැඩ භාරගනී

by Staff writer 06-12-2024 | 3:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධුරයේ වැඩ භාරගෙන ඇති බව එම කවුන්සිලය අද (06) නිවේදනය කර තිබේ.

මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ඉන්දීය ජාතික ජේ. ශාහ් මහතායි.

ශම්මි සිල්වා මහතා මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.