ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, සාකච්ඡා සඳහා සිය අවංක කැමැත්ත පෙන්වන තුරු, සාකච්ඡාවලින් ඉවත්වන බව කටාරය පවසයි.
හමාස් නියෝජිතයින් කටාරයේ සිටීම තවදුරටත් පිළි නොගන්නා බව, අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර දින කිහිපයකට පසු, කටාරය මෙම තීරණය ගෙන තිබේ.
හමාස් සංවිධානයේ කාර්යාලයක්, කටාරයේ දෝහා අගනුවර පිහිටවනු ලැබුවේ, 2012 වසරේ සිටයි.
බැරක් ඔබාමා, අමෙරිකානු ජනපති ධුරයේ කටයුතු කළ සමයේ කරන ලද ඉල්ලීමකට අනුව එය පිහිටවනු ලැබුවේ ය.
කෙසේ වෙතත් කටාරය පවසන්නේ, එම කාර්යාලය පිහිටුවීමේ අරමුණු මේ වන විට හමාස් සංවිධානය විසින් ඉටු නොකරන බවයි.
කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම, නිශ්චිත එකඟතාවකට පැමිණියහොත්, යළි සාම සාකච්ඡා සඳහා මැදිහත් වන බව, කටාරය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.