අර්ජුන් ඇලෝසියස්ට සිර දඩුවම්..

අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස 6ක සිර දඩුවම්..

by Staff writer 14-10-2024 | 12:44 PM

COLOMBO ( News 1st ) -  W.M. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට අද (14) අධිකරණ මාස 6 ක සිර දඩුවම් නියම කළේ ය.

ඒ රජයට අය විය යුතු රුපියල් කෝටි 355 ක VAT බදු පැහැර හැරීමට අදාලවය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබිණි.