දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 10-10-2024 | 10:42 PM

COLOMBO (News1st) - මහ මැතිවරණයට නාම යෝජනා භාරගැනීම, හෙට (11) මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිත වේ.

පොලීසිය සඳහන් කළේ, ඒ වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

මේ අතර බේස් ලයින් මාර්ගයේ බොරැල්ල සිට කිරුළපන දක්වා කොටසේ රථ වාහන ධාවනය, හෙට (11) උදෑසන 8 සිට පස්වරු 2 දක්වා සීමා කරන බව ද, පොලීසිය පැවසීය .

නාම යෝජනා භාරදීම අවසන් වූ පසු, පෙළපාලි යාම සපුරා තහනම් වන බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.