අනාගත නව ජනපතිට අමෙරිකාවෙන් සහය..

ලාංකීය ජනතාව තෝරා පත්කර ගන්නා ජනපතිට සහය දීමට සූදානම් - අමෙරිකාවෙන් ප්‍රකාශයක්...

by Staff writer 15-09-2024 | 6:07 PM

COLOMBO ( News 1st ) - ලාංකීය ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව, අමෙරිකාව පවසයි.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ඒ බව සඳහන් කළේ ය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බව ද, ඇය පැවසුවේය.