වැසි තත්ත්වයේ වැඩිවීමක්..

වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි...

by Staff writer 09-09-2024 | 7:11 AM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.