COLOMBO (News 1st) - පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතවේ.
ඒ, නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
ඊට කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා පොලීසිය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.
එහිදී මැතිවරණ නීති උල්ලංඝණය වැළැක්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.