ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ

by Staff writer 07-08-2024 | 8:43 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් නම් කළේය.

ඒ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන උත්සවයකදීය.

පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදි නාමල් රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කළේ පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතායි.