.webp)
COLOMBO (News 1st) - සෙනසුරු ග්‍රහ ලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ දුර්ලබ තාරකා විද්‍යාත්මක සිදුවීමක් අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, මෙම සංසිද්ධිය නැවත මෙරට ජනතාවට දර්ශනය වන්නේ 2037 වර්ෂයේදී බවයි.