ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

මහජන සාමය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

by Staff writer 23-07-2024 | 6:18 AM

COLOMBO (News 1st) - දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවා තිබේ. 

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කැඳවීම සිදු කර තිබුණි.