වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයක් තුළ මළ සිරුරක්

කොළඹ වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයක් තුළ මළ සිරුරක්

by Staff writer 23-07-2024 | 12:41 PM

COLOMBO (News 1st) - කොළඹ වෝඩ් පෙදෙසේ ජාතික දන්තායතනය ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. 

අද අලුයම 1ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර පොලීසිය පැවසුවේ තවත් ත්‍රිරෝද රථයක පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී මොහු ඝාතන කර ඇති බවයි. 

බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවල දි අනාවරණය වී තිබේ. 

මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කරවින්න, ගොඩකවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි. 

අදාළ ත්‍රිරෝද රථය කුලි පදනම මත ලබාගත් එකකි.

පොලීසිය පැවසුවේ එම ත්‍රිරෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ට අයත් එකක් බවයි. 

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුඳුවත්ත පොලිසිය මගින් සිදුකරනු ලැබේ.