.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, මිහින්තලය, අනුරාධපුර නගර සීමාව, තන්තිරිමලය, අවුකන, විජිතපුර ,නාමල්උයන, කැකිරාව ප්‍රදේශය පොසොන් සමයේ මහජනතාව ගැවසෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.
පොසොන් පොහෝ දින විහාරස්ථාන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේ ය.