ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩි වීමක්...

by Staff writer 20-06-2024 | 10:44 AM

COLOMBO ( News 1st ) - ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 161 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ මාසයේ දින 20 ක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2044  දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන ලදි.

එය පසුගිය මාසය හා සැසඳීමේදී සීඝ්‍ර වර්ධනයකි.

පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2647 ක් වේ.

වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගින් 26,964 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්ය.

වසරේ මේ දක්වා කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 9 කි.