අනුරාධපුර බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා

අනුරාධපුරය බලා යන වන්දනාකරුවන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්...

by Staff writer 20-06-2024 | 10:42 AM

COLOMBO ( News 1st ) - පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා අද (20) සිට ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා .

සිතුල්පව්ව  කේන්ද්‍ර කර ගනිමින් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන ලදි.

ඒ අනුව , අතිරේක  බස් රථ 400 කට අසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.


මේ අතර පොසොන් පොහොය වෙනුවෙන්  විශේෂ දුම්රිය සේවා සහ දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.