පොසොන් සතිය අදින් ඇරඹේ..

පොසොන් සතිය අදින් ඇරඹේ..

by Staff writer 18-06-2024 | 6:10 AM

COLOMBO (News 1st) - පොසොන් සතිය අදින් (18) ආරම්භ වේ.

ලබන 24 වැනි දා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බවයි.