නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙනවාද? නැද්ද?

නීතිපති සේවා දිගුව ගැන සාකච්ඡාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

by Staff writer 18-06-2024 | 5:39 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව අද (18) පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතය.

එහිදී නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ අද තීරණය කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වූ අතර එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට හැකි වූයේ නැත.

නීතීපති සංජය රාජරත්නම් මහතාට වසරක සේවා දිගුවක් ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර තිබේ.

එම නිර්දේශය අනුමත කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අද සිදු කරනු ඇති.