.webp)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
මේ අතර අද පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.
අද පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.