.webp)
බටහිර ඉන්දීය කොදෙව්හි ඩැරන් සැමී ක්‍රිඩාංගණයේ දී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු ගණන 201කි.
කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස් කළා.
ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වී ඇත්තේ ලකුණු 118ක් පමණි.
නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
මේ අතර බංග්ලාදේශය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගෙන ඇත.
ඒ, නේපාලය සමග පැවති තරගය ලකුණු 21කින් ජය ගනිමිනි.
බටහිර ඉන්දීය කොදෙව්හි ආනෝස් වේල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 106කි.
ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 19යි පන්දු 2ක් තුළ ලකුණු 85කට දැවී ගියේය.