.webp)
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට 45 කි.
මේ අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 6 වැනි දිනටත් ක්‍රියාත්මක බවයි.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
ග්‍රාමිය මාර්ග හා ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ කටයුතුවලින් ඔවුන් මේ වනවිට ඉවත්වී සිටී.