කොළඹ වරායට ගෙන ආ නිර්වින්දන ඖෂධ බෙදාහැරීමට සැලසුම්

කොළඹ වරායට රැගෙන ආ නිර්වින්දන ඖෂධ තොගය අද බෙදාහැරීමට සැලසුම් - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 15-06-2024 | 7:34 AM

COLOMBO (News 1st) - කොළඹ වරායට ගෙන ආ නිර්වින්දන ඖෂධ අද බෙදාහැරීමට සැලසුම්..

කොළඹ වරායට රැගෙන ආ නිර්වින්දන ඖෂධ තොගය අද(15) දිනයේ බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි විජේසූරිය මහතා පැවසුවේ, එතෙක් පෞද්ගලික ආයතන වලින් අදාළ ඖෂධ මිලදී ගෙන සැත්කම් සිදුකරන්නැයි රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන් බවයි.

ජාතික රෝහලේ ශල්‍යාගාරවල නිර්වින්දන ඹෟෂධ හිඟයක් පවතින බව වාර්තා විය. 

ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ හේතුවෙන් සැත්කම් අවලංගු කිරීමට සිදුව ඇති බවයි.