.webp)
COLOMBO (News 1st) – 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Online අයැදුම්පත් කැඳවීම අද(14) ආරම්භ විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයැදුම්පත් යොමු කළ හැකි බවයි.
ජුලි 05 දක්වා මේ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ය.