දිස්ත්‍රික්ක 7ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට..

දිස්ත්‍රික්ක 7ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට..

by Staff writer 14-06-2024 | 7:00 AM

COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 

කොළඹ , ගම්පහ , කළුතර , යාපනය , ගාල්ල , මහනුවර සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කයි. 

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 26,084 කි. 

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් ය. 

එම සංඛ්‍යාව 9,558කි. 

ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මිය ගොස් තිබේ.