උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට..

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට.... මුහුදුබඩ මාර්ගයේ තවදුරටත් දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 14-06-2024 | 7:01 AM

COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කර තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, බදුල්ලේ සිට කොළඹ බලා ධාවනයවු දුම්රියක් තලවාකැලේ සහ වටගොඩ අතරදී පීලි පැනීම හේතුවෙන් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ බාධා මතුවූ බවයි.

කෙසේ වෙතත් දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද වන බව දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ඊයේ පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවිය. 

ද්විත්ව මාර්ගයක් වන මුහුදු බඩ මාර්ගයේ මේ වනවිට දුම්රිය ධාවනය වන්නේ එක් මාර්ගයක පමණයි